2010 වසරේ වැදගත්ම තාරකාවිද්‍යාත්මක සිදුවීම වන වලයාකාර සූර්ය ග්‍රහණය ජනවාරි මස 15වන දින සිදුවීමට නියමිතය. මෙම සිදුවීම අප්‍රිකානු රටවල් වන චැඩ්, මධ්‍යම අප්‍රිකාව, කොන්ගෝ, උගන්ඩා, කෙන්යා සහ සෝමාලියාව යන රටවලට සහ මාලදිවයින, ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාව, බංගලාදේශය, බුරුමය සහ චීනය යන ආසියාතික රටවලටද දර්ශණය වේ.
ශ්‍රී ලංකාවේ නම්, යාපනය අර්ධද්වීපය ආසන්න ප්‍රදේශ වලට හොඳින්ම දර්ශණය වන මෙම සූර්යග්‍රහණය විනාඩි 10කුත් තප්පර 18කින් යුත් ග්‍රහණ කාලයකින් සමන්විත ය. ග්‍රහණයේ ප්‍රථම ස්පර්ශය පෙ.ව. 11.18ට පමණ ආරම්භ වන අතර සැබැවින්ම ග්‍රහණය ආරම්භ වන්නේ ප.ව. 1.20ට පමණ ය. යාපනය, කිලිනොච්චි, වව්නියා සහ අනුරාධපුරය ආශ්‍රිත ජනතාවට වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස දර්ශණය වුවද කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය ඇතුලු ආසන්න සෙසු ප්‍රදේශ වලට දර්ශණය වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ය.
මෙම විශේෂ අවස්ථාව සෑම දෙනෙකුටම විඳගැනීමේ අවස්ථාව සලසමින් skylk වෙබ් අඩවිය, ශ්‍රී ලංකා තාරකාවිද්‍යා සංගමය, රාජකීය විද්‍යාලයීය තාරකාවිද්‍යා සංගමය සහ තවත් ලාංකික සංගම් රැසක සංවිධානයෙන් අන්තර්ජාලය හරහා සජීවී විකාශයක් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.
ජනවාරි 15වන දින www.eclipse.skylk.com ඔස්සේ අප හා සජීවීව එක්වන්නට ඔබට ඇරයුම්...
This is an effort to bring solar eclipses in 2010 closer to people and better understand the nature of Universe. Now featuring the Total Solar Eclipse on 11th July 2010 from Cook Islands & Easter Island in South Pacific.|No debe perderse el eclipse solar en 2010. Es un esfuerzo acercar los eclipses a la gente para entender mejor la naturaleza del Universo. Ahora le presentamos el Eclipse Total Solar del 11 de julio de 2010 desde las Islas Cook y de Pascua en el Pacífico Sur.
No comments:
Post a Comment